29 C
Colombo
Friday, September 20, 2024

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ගත් තීරණය

- Advertisement -

නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව ඇය අවධාරණය කර සිටියා.

ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ද තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවා.

“අපි පහ වසර ශිෂ්‍යත්ව විභාගය තියන්නේ, දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන්නට. අද මේ විභාගය තරගකාරි විභාගයක් බවට පත් වෙලා තියෙනවා. මේ විභාගය තුළ මෙවැනි සිද්ධියක් සිදු වුණා නම් අපේ කුඩා දරුවෝ තමයි බරපතළ පීඩාවට ලක්වෙලා තියෙන්නේ.ඒක නිසා අපි අමාත්‍යංශය විදිහට මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා දෙමාපියන්ට කලබල නොවී දරුවන්ගේ මානසිකත්වය නිරවුල්ව තියන්නට කියලා.මේ දරුවන්ට මේ අසාධාරණය සිදු කරන්න යම් පිරිසක් මැදිහත්වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.ඒ වගේම විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලැබිලා අපි තීරණයක් ගන්නා තෙක්. එතෙක් ප්‍රතිඵල නිකුත් කරන්න අවශ්‍ය සමීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ඒකත් අපි තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු.”


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ...

ජ’පුර සරසවිය යළි විවෘත කෙරේ

ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය දැනුම්දෙනවා. ඒ අනුව සැප්තැම්බර් 23 වනදා...

Breaking: නාමල්ගේ නැන්දම්මත් රට පැනලා

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා (බිරිඳගේ මව), දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ "සේද මාවත...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...