25 C
Colombo
Sunday, December 29, 2024

නීතියට පිටින් රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වන්න ගත් තීරණය

- Advertisement -

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ,මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහායි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී අද (28)  පැවැත්වුණා.

මෙහිදී ජනාධිපතිවරයා සහ එම නිලධාරීන් ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකින් ත්‍රිරෝද රථ සොරකම් කළ 5ක් මාට්ටු

ත්‍රිරෝද රථ සොරකම් කළ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 38,...

ලොරි රථයකට යටවී කුඩා දැරියක් මරුට

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල...

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර  කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකින් ත්‍රිරෝද රථ සොරකම් කළ 5ක් මාට්ටු

ත්‍රිරෝද රථ සොරකම් කළ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 38,...

දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් යානා අනතුරක් – 28ක් මරුට

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය...

ලොරි රථයකට යටවී කුඩා දැරියක් මරුට

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල...