ගුරු-ගුරු උපදේශක සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා වශයෙන් ලබන නොවැම්බර් විස්සට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.
එම තීරණ ඇතුළු ගුරු – විදුහල්පති සේවාවන්හී වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ සලකාබලා කැබිනට් මණ්ඩලය ගත් තීරණයන් පහතින්,
