28 C
Colombo
Sunday, September 8, 2024

ඩෙංගු අධි අවදානම් තත්ත්වය ඉහළට

- Advertisement -

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ ගණන 25,891ක්.

මෙම කාලය තුළ ඩෙංගු මරණද 9ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහන් කළා.

ඒ අනුව, ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ද 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 5,624ක් වනවා.

ඉන්පසු වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3,930ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,487ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,986ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,441ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,372ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් එක් අයෙක් සිදුවූ වනඅලි පහරදීමකින් මියගොස් ඇත්තේ, කල්මුණ බස් නැවතුම්පොළ...

21න් පස්සේ හොර නඩයම දොට්ට දාන්නෙ ‘මෙහෙමයි’ – අනුර

එළඹෙන 21 දිනයෙන් පසුව තම පක්ෂය පිහිටුවන රජයේ රාජ්‍ය ඇමතිවරු නොමැති නියෝජ්‍යය ඇමතිවරු පමණක් සිටින 25 දෙනෙකුගෙන් යුත් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් සාදන බව...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද 

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව....

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...