පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඩෙංගු පැතිර යාම අවම කිරීම සඳහා අවට පිරිසිදුව තබා ගන්නා ලෙසත්, මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති බවයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බවත්, මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය දා පැවසුවා.