27 C
Colombo
Friday, December 27, 2024

දේශබන්දු තෙන්නකෝන්ට බේරේවැව අසළදී ප්‍රහාරයක් (වීඩියෝ)

- Advertisement -

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර දේශබන්දු තෙන්නකොන් නැමැති මෙම නිලධාරියා බේරේවැව අසළට පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් පිරිසක් ඔහුට බරපතල ලෙස පහරදී තිබෙනවා.

සිවිල් ඇඳුමින් සිටි තෙන්නකෝන් නැමැත්තා ප්‍රහාරයෙන් දැඩි තුවාල ලබා සිටීම හේතුවෙන් ඔහුගේ සහයකයින් දෙදෙනෙක් එම ස්ථානයෙන් ඔහුව රැගෙන යාමට කටයුතු කළා.

ඔහු පැමිණි රථයටද පහරදී එය පෙරළා දැමීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබෙනවා.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (09) ගාලු මුවදොර ඇතිවූ ගැටුම වළක්වා ගැනීමට කිසිදු අයුරකින් කටයුතු නොකළ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා ඔහුගේ මැරයන් හට ගාලු මුවදොරට පැමිණීමට සියලු පහසුකම් සපයනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...

NASA යානයක් සූර්යයා ළඟටම ගිහින්

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ආසන්නයට ළඟා වී තිබෙනවා. සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට එම යානාව ඉතිහාස...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...