ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ලබාදී ඇති ස්ථාන මාරුව යළිත් ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇති බව වාර්තා වනවා.
පසුගිය අප්‍රේල් මසදී ඒ මහතා ඇතුළු පොලිස් සේවයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටම ස්ථාන මාරු ලබාදී තිබුණා.
පසුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ජාතික පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව අජිත් රෝහණ මහතාට ලබාදී තිබුණු ස්ථාන මාරුව පොලිස් කොමිසම මඟින් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළා.