මාතර බන්ධනාගාරයට රැගෙන එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, මාතර බන්ධනාගාරයේ මොළේ උණ රෝගය පැතිරීමේ අවදානම හේතුවෙන්.
මේ අතර, අවදානම් සහිත බවට සැකකෙරන අනෙකුත් බන්ධනාගාර සඳහා මොළේ උණ රෝගයට ප්‍රතිශක්ති ජනක ඖෂධ ලබාදීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ, කඩිනමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.