26.9 C
Colombo
Thursday, December 5, 2024

වැලිකඩ නිලධාරීන්ගේ නිවාසවලට රැඳවියන්ව වැඩට දාලා

- Advertisement -

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා  233 කදි  බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යොදවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වනවා.

එමෙන්ම  මේ සදහා බන්ධනාගාර  නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක් වැයකොට ඇති බවයි එම වාර්තාවේ පෙන්වා දෙන්නේ.

මෙම කාලය තුළ බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ආශ්‍රිත පරිශ්‍රයන්  වෙත සිරකරුවන්  රැගෙන යාම සදහා  අවස්ථා 62කදි  බන්ධනාගාර  මුලස්ථානයේ  සංචිත වාහන 09ක්  කිලෝමිටර් 372ක්  ධාවනයකර තිබු බවද  විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම  අයවැය චක්‍ර ලේඛ මගින් අතිකාල වියදම් ද  දැඩිලෙස  පාලනය කිරිම අත්‍යවශ්‍ය  අවධාරණය කර තිබුණද  2023 වර්ෂයේ අතිකාල හා නිවාඩු  දිමනා වශයෙන්  රුපියල් මිලියන  982ක්  වැයකර තිබුණා.

ඒ අනුව 2022 වර්ෂයට  සාපේක්ෂව  අතිකාල හා නිවාඩු  දිමනාව 2023 වර්ෂයේ දි  රුපියල් මිලියන 106කින් වැඩිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව...

POPULAR ARTICLES

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...