28.8 C
Colombo
Thursday, March 27, 2025

දෙවුන්දර ඝාතනය;වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගැනේ

- Advertisement -

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.

තිදෙනෙක් මෙම වෙඩි තැබීම සඳහා වෑන් රථයකින් පැමිණ තිබූ අතර දෙදෙනෙක් ඉන් බැස මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පසුව වාර්තා විය.

වෙඩිතැබීමට සම්බන්ධ එම වෙඩික්කරුවන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනාගේ මිතුරෙක් එම වෙඩික්කරුවන්ට තොරතුරු ලබාදී ඇතැයි පොලීසිය සැක පළකරනවා.

ඝාතනය වූ ස්ථානයට මීටර 800ක් පමණ දුරින් වූ අතුරු මාර්ගයක ගිනිතබා තිබියදී සොයාගත් වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය සම්බන්ධයෙන්ද මේ වන විට පොලිසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

එම වෑන් රථය ප්‍රසිද්ධ දුරකථන සේවා සමාගමක ස්ටිකර්වලින් සරසා තිබුණා.

මෙම වෑන් රථයට සමාන වෑන් රථයක් ඝාතනයට ලක්වූ තරුණයක් දෙදෙනා මීට පෙර තවත් තරුණයන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වන ස්ථානයක පිටුපස නවත්වා තිබෙන අයුරු දැක්වෙන රූප රාමු පෙළක් මාධ්‍යට නිකුත් කර ඇත.

මේ හේතුවෙන් අදාළ වෑන් රථය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් පොලීසිය මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන් ගෙන්ද සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් තරුණයන් දෙදෙනාගේ සමීපතමයෙක් වන අතර ඔහු වෑන් රථයේ ස්ටිකර් අලවා තිබූ ප්‍රසිද්ධ දුරකථන සමාගමේ රැකියාවේ නියුතු අයෙක්.

අදාළ වෑන් රථය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් බවට සැකකරන පුද්ගලයාගේ 30 හැවිරිදි බිරිඳ වන අතර ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතනයට ආධාර අනුබල දීම යටතේයි.

මෙම ඝාතනය මෙහෙය වූ බව කියන දෙහිගෙදර බාලේ නැමැත්තාගේ ඥාතියෙකුද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු 46 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සිව්වැනි සැකකරු වෙඩික්කරුවන්ට නවාතැන් සැපයීම සම්බන්ධයෙන් කපුගම ප්‍රෙද්ශයේදි අත්අඩංගුවට ගත් අයකු වන අතර ඔහු බාලේ මල්ලි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙයවන පුද්ගලයා බව සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල සහ මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද...

චාමරට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන...

රට ලොකු විදුලි අර්බුදයකට වැටෙනවා – ඉන්දික අනුරුද්ධ

වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බව හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික...

POPULAR ARTICLES

විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද...

චාමරට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන...

අස්වැසුම ප්‍රතිලාභීන් 39,000කට තවම බැංකු ගිණුමක් නැහැ

අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට පෙබරවාරි මාසයේදී විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. මේ අතර, තවම බැංකු ගිණුමක්...