30 C
Colombo
Sunday, January 26, 2025

ධම්මික පෙරේරාට ප්‍රබල ඇමති ධූරයක් ?

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වීමට නියමිත ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික ‌පෙරේරා මහතාට ප්‍රබල අමාත්‍යධූරයක් පිරිනැමීමට ආණ්ඩුව සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙරටට විදෙස් ආයෝජන ලබාගැනීම ඉලක්ක කරගත් අමාත්‍ය ධූරයක් ඔහුට ලැබීමට නියමිතයි.

මේ අතර ධම්මික පෙරේරා මහතා ඊයේ (08) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවට එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙරට ප්‍රධාන ‌පෙළේ සමාගම් සමූහ දෙකක් වන හේලීස් PLC හා වැලිබල් වන් PLC යන සමාගම් හි පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා යටතේ පවතිනවා.

කලක් ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරනු ලැබූවා.

කෙසේවෙත් කුප්‍රකට රතුපස්වල වෙඩිතැබීමේ සිදුවීමට අදාළව හා මෙරටට කසල කන්ටේනර් රැගෙන ඒමේ සිදුවීමට අදාළව ධම්මික පෙරේරා මහතාට සෘජුවම චෝදනා එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන...

ඉමදූවේදී බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

ගාල්ල, ඉමදූව, අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති...

POPULAR ARTICLES