26.8 C
Colombo
Wednesday, November 27, 2024

ධනසිරි අමරතුංගගෙන් අදෝනාවක්

- Advertisement -

කොහුවල මංසන්ධියේ ඉදිකිරීමට නියමිත නව ගුවන්පාලම වෙනුවෙන් මුල්ගල තැබීම පසුගියදා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙම අවස්ථාවට දෙහිවල ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනසිරි අමරතුංග මහතාට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ඔහු ශෝකාලාපයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

එම සටහන මගින් අමරතුංග මහතා පවසා ඇත්තේ “මට කවුරුත් ආරාධනා කළෙත් නැහැ, මම දන්නෙත් නැහැ” ලෙසයි.

නුගේගොඩ පාර අසලින් ගමන්ගන්නා අවස්ථාවේදී නව ගුවන්පාලම වෙනුවෙන් මුල්ගල තබන ස්ථානයේ විශාල පිරිසක් ඒකරාශී වී සිටිනු දැක තමන් එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියෙකු හට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් මෙම සිදුවීම දැනගත් බව ධනසිරි අමරතුංග මහතා පවසනවා.

මෙය පුදුම ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුව බිහිකිරීම සඳහා කෝටි ගණන් වියදම් කළ බවත් සදහන් කරන අමරතුංග මහතා පවසන්නේ තමන් හිඟාකා අමාරුවෙන් ඡන්ද එක්රැස්කර බිහිකල ආණ්ඩුවට තමන්ව අමතක වීම කණගාටුවට කරුණක් බවයි.

කෙසේ වෙතත් තවමත් මහින්ද රාජපක්ෂ මහතාට පණ මෙන් ආදරය කරන බවද අවසාන වශයෙන් ඔහු සදහන් කර තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම්

අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් අතුරුදන් සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා. පොලිසිය සඳහන් කළේ  මෙම අනතුරින් ළමුන් 06 දෙනෙකු, ට්‍රැක්ටර්...

ඈවර කරන්න ගිය ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබෙනවා. මෙලෙස එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම...

POPULAR ARTICLES