26.5 C
Colombo
Tuesday, April 1, 2025

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකිරීම ගැන ධර්මසේනගේ මතය

- Advertisement -

ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර ධර්මසේන,

“මම පෞද්ගලිකව හිතනවා රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතියට හිස නමන්න ඕන. රටේ ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම්…අපි නීතියට එකඟවෙලා නීතිගරුක වෙන්න ඕන.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොතරම් ලැබෙනවාද කියන්න පෞද්ගලිකව මම දන්නේ නෑ. මම ක්‍රිකට් ක්‍රීඩාකරන කාලයේ මට හොඳ වේතනයක් ලැබුණා. දැන් විනිශ්චයකාරවරයෙක් ලෙසත් හොද වේතනයක් ලැබෙනවා. මම හිතනවා ජීවත්වීමට හැකි වේතනයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා දෙනවා” 

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායකයන් වන චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා බදු ගෙවීම්වලින් ඔවුන් ඉවත්කරන්න යැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවා.

අදාළ පෙත්සමෙන් නායකයන් දෙපළ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සමේ කරුණු තහවුරුකිරීම සඳහා අද (28) කැඳවීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ග්‍රීසියට පනින්න ගිය විදෙස් ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට 

කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළමු පාසල්...

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

POPULAR ARTICLES

ග්‍රීසියට පනින්න ගිය විදෙස් ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට 

කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළමු පාසල්...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා...