25 C
Colombo
Friday, October 25, 2024

ඩයනාට යළි අල්ලස් කොමිසමෙන් විමර්ශන

- Advertisement -

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර අල්ලස් පනතේ සඳහන් දුෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.

ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇය අවභාවිත කළ මුදල් ආපසු අය කරගන්නා ලෙසත් ඇයට එරෙහිව නඩු පවරන ලෙසත් ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...