ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතාට එම ධූරයෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.
ඒ, ඊයේ (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ගෑස් මිල ඉහළ යාමත් සමඟ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සඳහා කවරෙකු හෝ සභාපතිවරයාට බල කර තිබෙන බව ඔවුන්ට ලැබී ඇති තොරතුරු අනුව හෙළිවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එහෙත් රටේ පවතින තත්ත්වය සමඟ,ජනතාව මුහුණ දී සිටින අසීරු තත්ත්වය මත එවැනි දෙයකට එකඟ වීමට නොහැකි වීම හේතුවෙන් සභාපතිවරයා හදිසියේම ඉල්ලා අස් වී තිබෙන බව හෙතෙම කියා සිටියා.