26.9 C
Colombo
Friday, March 14, 2025

සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ජීවිතක්ෂයට

- Advertisement -

සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 60 කි.

ඔහුගේ නිවසේදී හටගත් හෘදයාබාධ තත්ත්වයක් නිසා මීට පෙර අවස්ථාවකද මැරඩෝනා රෝහල් ගතකෙරුණා.
ඉන් අනතුරුව පසුගිය සතියේ යළිත් ඔහු රෝහල් ගත කෙරුණේ මොළයේ ඇති රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකට භාජනය කිරීමටයි.

මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මැරඩෝනා 1986 දී ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට මහඟු දායකත්වයක් ලබාදුන්නා.
එය ඔහුගේ පාපන්දු දිවියේ විශිෂ්ටතම හා උච්චතම අවස්ථාවයි.

නමුත් අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කල නිසා ඔහුගේ ක්‍රීඩා දිවිය මෙන්ම පෞද්ගලික ජීවිතයද මතභේදකාරී එකක් වුණා.

මැරඩෝනා විශ්‍රාම ගැනීමෙන් පසුවත් අවස්ථා කිහිපයකදී රෝහල් ගත කෙරුණා.
2000 වසරේදී කොකේන් පානය කිරීම හේතුවෙන් හටගත් හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියයෑමට ඉතා ආසන්නව සිටියා.
2005 වසරේදී ශරීරයේ බර අඩුකරගැනීම සදහා මැරඩෝනා ආමාශයික බයිපාස් සැත්කමක් කල අතර ඉන් වසර දෙකකට පසුව නැවත වරක් මත්පැන් මගින් ඇතිවන හෙපටයිටීස් රෝගයටද ගොදුරු වුණා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...