31 C
Colombo
Tuesday, January 7, 2025

බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි

- Advertisement -

ඩීසල් අර්බුදය විසඳා ගැනීම සඳහා ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස්රථවලට ඩීසල් නිකුත් කිරීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා රටපුරා පිහිටි ලංගම ඩිපෝ 50 ක් නම්කර තිබූ නමුත්. කෙසේ නමුත් එම වැඩපිළිවෙල අසාර්ථක බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඩිපෝ 50 කින් ඩීසල් නිකුත් කරන බව බළධාරීන් ප්‍රකාශ කළද පෙරේදා දිනයේදී ඩීසල් නිකුත් කර තිබෙන්නේ ඩිපෝ 03 කින් පමණක් බවයි ඔහු පවසන්නේ.

පෞද්ගලික බස්රථවලට ලබාදීමට තබා ලංගම බස්රථ සඳහාද ඇතැම් ඩිපෝ සතු ඩීසල් තොග ප්‍රමාණවත් නොවන බවත් විජේරත්න මහතා සඳහන් කර සිටිනවා.

මගී බස්රථ ධාවනය සඳහා අවශය ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ධාවනය කළ හැක්කේ සමස්ත බස්රථවලින් 25% ක් පමණක් බවයි ගැමුණු විජේරත්න මහතා පවසන්නේ. රාත්‍රී කාලයේ බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

දිවයින පුරා දෛනිකව ධාවනය වන සමස්ත මගී බස්රථ ප්‍රමාණය 5000ත් ඔහු අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

වී වල සහතික මිල ළඟදීම

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී නිෂ්පාදනය සඳහා වැයවෙන...

චීනෙට යන ලංකාවේ කුකුල්ලු

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්...

ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව,  එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ  චීන නිල සංචාරය...

POPULAR ARTICLES