31 C
Colombo
Saturday, December 28, 2024

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගෑස් සිලින්ඩර ගැන බොරු කියයි

- Advertisement -

මෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසනවා.

එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සදහන් කරන්නේ ගෑස් පද්ධතියට අදාල කිසිවක් නොවෙනස්ව පවතින තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය තුළ ඇති ගෑස් සංයුතිය පමණක් වෙනස්ව ඇති බව සිය විද්වත් කමිටුව අනාවරණය කරගත් බවයි.

කෙසේවෙතත් ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම් හා ගිනි ගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බවට සිය විමර්ශනවලදී අනාවරණය නොවූබවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඒ මහතා සඳහන් කළේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීම් වාර්තා වූ පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් මාසයට අදාලව ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර ලක්ෂ 28 කුත් ලාෆ්ස් සමාගම ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහසක් ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි.

එම ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් පැවතුනේ නම් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් ලක්ෂ 28ක් වාර්තා විය යුතුව තිබුනද එම කාලයේ ලිට්‍රෝ සිලින්ඩර ආශ්‍රිතව වාර්තා වූයේ සිදුවීම් 796 ක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.

එම සිදුවීම් ලිට්‍රෝ සමාගම නිකුත් කල ගෑස් සිලින්ඩර ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 0.02% ක් පමණක් බව ඒ මහතා පවසනවා.

එමෙන්ම ලාෆ්ස් ගෑස් සමාගම නිකුත් කල ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහස අතරින් ගෑස් සිලින්ඩර 50 ක් ආශ්‍රිතව පමණක් සිදුවීම් වාර්තා වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 0.01% ක් ප්‍රමාණයක් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් ගෑස් සංයුතිය නිසා මෙම පිපිරීම් සිදුවන බව නිගමනය කරන්නේ නම් එම කාලය තුළ ගෑස් සමාගම් නිකුත් කරන ලද මෙම ගෑස් සිලින්ඩර ප්‍රමාණයට සාපේක්ෂව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීමේ සිදුවීම් අවම වශයෙන් ලක්ෂ එකහමාරක් හෝ දෙකක් වාර්තා විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා.

අදාළ සමාගම් සාපරාධී අපරාධයක් සිදුකිරීමේ වුවමනාවෙන් හෝ අපරාධමය නොසලකා හැරීමක් ලෙස ගෑස් සිලින්ඩර සංයුතිය වෙනස් කර ඇති බවට කිසිදු කරුණක් අනාවරණය නොවූ බව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයන්ගෙන් අනාවරණය වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

එබැවින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වාදෙන්නේ.

මේ අනුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම පවසන කරුණුවලට හාත්පසින් පරිබාහිර පැහැදිලි කිරීමක් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කිරීම රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

යෝෂිතට CID එන්න කියලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා (03)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ , අයතා වත්කම්...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

POPULAR ARTICLES

යෝෂිතට CID එන්න කියලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා (03)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ , අයතා වත්කම්...

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...