29 C
Colombo
Sunday, October 27, 2024

කළකිරුණු මාන්නප්පෙරුම සජිත්ව දාලා ගිහින්

- Advertisement -

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, තමා ගම්පහ ආසන සංවි­ධා­යක ධුර­යෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂ සංවි­ධා­යක වරුණ දීප්ත රාජ­පක්ෂ මහතා පත් කිරී­මට සමගි ජන බල­වේ­ගයේ නාය­ක­ත්වය ගනු ලැබූ අධූ­ර­දර්ශී ක්‍රියා­වට විරෝ­ධය පළ කර­මින් මෙවර මැති­ව­රණ සට­නින් ඉව­ත්වන බව ඔහු එහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ.

මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් ක්‍රියාකරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චික කරන්න එපා කියලා මම ඉල්ලනවා. මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩිලෙස කලකිරිලා කථාකරන්නේ. මට නොමිනේෂන් අත්සන්කරලා පැය 24ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය ක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩකරපු පුද්ගලයෙකුට මට හොරෙන් ලබා දීලා. එය මම දැඩි ලෙස කලකිරීමට හේතු වුණා.


RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුවට රටක් පාලනය කරන්න බැහැ – සජිත්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 716 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචණ්ඩ...

විභාග දෙපාර්තුමේන්තුවේ හඬ පටිගත කරන යන්ත්‍ර 23ක් අතුරුදන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙන බව 'ලංකාදීප' වාර්තා...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...