28 C
Colombo
Tuesday, April 22, 2025

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

- Advertisement -

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අදාළ අමාත්‍යංශ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පවත්වා තිබෙනවා.

කොළඹ මහනගර සැලසුම, නැගෙනහිර සංවර්ධන සැලසුම හා ග්‍රේටර් හම්බන්තොට  ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර සිංගප්පූරුවේ සබානා ජුරෝන්ග් (Surbana Jurong) ආයතනයේ නිලධාරීහුද  මාර්ගගත ක්‍රමයට මෙම සාකච්ඡාවට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන්.

මෙහිදී මෙම ව්‍යාපෘති තුන පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ව්‍යාපෘතිවල අඩුපාඩු සොයා බලා ඉදිරි කටයුතු අවසන් කිරීමටද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සිදුකිරීම සඳහා නියමිත ක්‍රමවේදය යටතේ අනුමැතිය ලබා ගැනීමට විශාල කාලයක් වැය වීම මෙන්ම රටක් සංවර්ධනය කිරීමට අවශ්‍ය අණපනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට 

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 09...

දළදා වන්දනාකරුවන්ට QR කෝඩ් එකක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීම සඳහා වන විශේෂ වැඩපිළිවෙළ ඊයේ සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව යාවත්කාලීන...

මෝටර් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළිලා

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අද...

POPULAR ARTICLES

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට 

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 09...

දළදා වන්දනාකරුවන්ට QR කෝඩ් එකක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීම සඳහා වන විශේෂ වැඩපිළිවෙළ ඊයේ සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව යාවත්කාලීන...

ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙදෙනෙක් මාට්ටු

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර ප්‍රදේශයේ පදිංචි 19 සහ...