30 C
Colombo
Wednesday, February 19, 2025

ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම ගැන ඉන්දියාවෙන් අප්‍රසාදය

- Advertisement -

ඩෙල්ෆ් ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බව ඉන්ධිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජීවනෝපාය ගැටලු සැලකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සලකා බැලීමේ අවශ්‍යතාව ඉන්දීය රජය එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාතශංශය පවසන්නේ බලය භාවිත කිරීම කිසිදු අවස්ථාවක් යටතේ පිළිගත නොහැකි අතර මේ සම්බන්ධව ආණ්ඩු දෙක අතර පවතින අවබෝධතා දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවයි.

ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙකු අතින් සිය ගිනිඅවිය ක්‍රියාත්මක වී ඉන්දීය ධීවරයින් තුවාළ ලැබීමේ සිද්ධියක් අද (28) පෙරවරුවේ වාර්තා වනවා.

තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES