ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිළමේවරයා කපටි උපාසකයෙකු බව සඳහන් දක්වමින් කෘතියක් නිකුත් වී තිබෙනවා.
එම කෘතිය මගින් දළදා මාලිගාව ආශ්‍රිතව සිදුවූ බරපතල වංචා දූෂණ අනාවරණය කර ඇති අතර දියවඩන නිලමේවරයා විසින් සිය මෝටර් රථයේ බෆර් සඳහා රන් ආලේප කිරීමේ සිදුවීමක් පිළිබඳව ද කරුණු දක්වා තිබෙනවා.
දළදා මාලිගාව සතු ප්‍රවේණි ඉඩම් වංචනික ලෙස මෙරට සුප්‍රසිද්ධ ඉඩම් වෙන්දේසි ආයතන වලට අලෙවි කිරීමේ සිදුවීම් පිළිබඳව මෙන්ම තවත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන්ද මෙහි කරුණු අනාවරණය කර තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග ධරණිත මහතා මෙම කෘතියේ කතුවරයා යි.
අල්ලස දූෂණය ආ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අන්තර්ජාල නාලිකාවක් සමග එක් වෙමින් මෙම කෘතිය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.