පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස අතර සිටි පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර සිට තිබෙන බව තහවුරු වී තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව මඟින් මෙය තහවුරු කරන බවයි.
සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක ඩී.එන්.ඒ. සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිපලයක් බවත් ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව වන රාජරත්නම් කවීදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999 ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්‍ෂක වාර්තාවේ වැඩි දුරටත් සඳහන්.
එම වාර්තාව අනුව 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව තහවුරු වී ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.