LTTE ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති පිරිසට සාධාරණයක් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (22) දින පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
මෙලෙස බන්ධනාගාර ගතකොට සිටින පිරිසෙන් විශාල පිරිසකට නඩු නිමිත්තක්ද නොමැති බවත් නඩුවකින් අනතුරුව දඬුවම් විඳින පිරිස 35ක් පමණක් බවත් එම පිරිසද තමන්ගේ දඬුවම් කාල සීමාවට වඩා වැඩි කාලයක් සිරගතවී සිට ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
වසර 20කට වඩා අධික කාලයක් ඇතැමුන්ගේ නඩු අසමින් සිටින අතරතුර ඔවුන්ට බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති බවත් කිසිඳු නඩුවක් නොපවරා බන්ධනාගාරගත කොට ඇති පිරිසක්ද සිටින බවත් ඔහු පවසනවා.
තරුණ ජීවිත විශාල ගණනන් මෙලෙස දුක් විඳින බවත් ඔවුන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ විශාල පිරිසක් පුනරුත්ථාපනය කොට සමාජගත කළ ආකාරයට කටයුතු කළ හැකි බවයි.