දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පවසනවා.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමාර් සංගක්කාර මහතා මෙම අදහස් පලකළා.
“මේ අරගලය අරඹලා තියෙන්නේ වඩාත් අවදියෙන් සිටින වඩාත් අධිෂ්ඨානශීලී සහ නිර්භීත පරපුරක්. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් විදිහට එකමුතු වුණා වගේම මෙම අර්බුදයෙන් පාඩම් ඉගෙනගෙන ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම් සමාජයට හෝ දේශපාලනයට යළි ඇතුළත් නොකර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ දිය යුතු නැහැ.”