තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) නැවත වරක් ප්‍රකාශයට පත් කළා.
ඒ පළාත් සභා නියෝජිතයන් සමඟ අරලියගම මන්දිරයේදී අද පැවති රැස්වීමක් අතරතුරයි.
තමන් කිසිවෙකුටත් බියේ පලා නොයන බවත් අග්‍රාමාත්‍ය ධුරයෙන් අස් කළොත් මිසක අස් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කළා.
රට තුළ මේ වන විට උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය ක්‍රමයෙන් විසදමින් යන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරමින් යන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ඉතා කෙටි කාලයක් තුළ මෙම සියලු ගැටළු විසදීමට කටයුතු කරන බැවින් රජය කෙරෙහි විශ්වාසය තබන්නැයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.