24 C
Colombo
Tuesday, March 18, 2025

දේශබන්දුව සැකකරුවෙක් ලෙස නම් කරන්න එපා – අභියාචනාධිකරණය

- Advertisement -

අරගලය පැවති සමයේ ගාලුමෝදර ගෝඨා ගෝ ගම නම් ස්ථානයට පහරදීමේ සිද්ධියේ සහ ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළා.

එම ලිපිය මත ඉදිරි පියවර ගැනීම සහ ඒ මත දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු නියෝග දෙකක්ද නිකුත් කරනු ලැබූවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කළා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි නීතිපතිවරයා පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපතිට මැයි මස 10 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියේ සහ ජූලි මස 09 වනදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් තම සේවාදායකයා නම් කර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමුකර ඇති බව සඳහන් කළා.

යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු සැකකරු වශයෙන් නම් කරන්නේද යන්න තීන්දු කළ යුත්තේ පොලිසිය බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි තීරණයක් දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව පෙන්වා දුන්නා.

යම්කිසි පුද්ගලයෙකු සැකකරුවකු වශයෙන් නම් කරන්නේද? නැද්ද? යන්න තීන්දු කළ යුත්තේ ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පමණක් බවත් එය සිදු කළ යුත්තේ නීතිපතිවරයා අනුව පොලිසිය විසින් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් උසස් වීම් පිරිනැමීමට නියමිත අවස්ථාවක හදිසියේ තම සේවාදායකයා සැකකරු වශයෙන් නම්කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කිරීම විමතිය දනවන කරුණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඔහුගේ බලය ඉක්මවා ගිය නීතිමය වලංගු භාවයක් නැති කටයුත්තක් බවත් චෝදනා කර සිටියා.

මේ තුළින් තම සේවාදායකයාට හිමි ස්වභාවික යුක්ති ධර්මය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එබැවින් අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ සහ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අනතුරුව මෙම නියෝග නිකුත් කළා.

RECENT ARTICLES - SINHALA

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

බටලන්ද වාර්තාව පුස්සක් – ගම්මන්පිල

ආණ්ඩුව විසින් බටලන්ද වාර්තාව පිළිගැනීම යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් කළ අපරාධ පිළිගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (17)...

POPULAR ARTICLES

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 211.14 කින් පහළ වැටී තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී ඒකක 15,649.30 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව...