30 C
Colombo
Sunday, October 6, 2024

උතුරේ වෛද්‍යවරු වර්ජනයක

- Advertisement -

උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්.

කෙසේවෙතත් රජයේ රෝහල්වල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු පළාත් කාර්යාලය නිවේදනය කර ඇත්තේ අලුතින් පත් කළ මෙම වෛද්‍ය අධිකාරීවරයාගේ ප්‍රකාශයන් නිසා දැනට සේවයේ නිරත උතුරේ වෛද්‍යවරුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

ඒ හේතුවෙන්, ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස එම වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.

අදාළ වෛද්‍ය අධිකාරීවරයා චාවකච්චේරි රෝහලට පැමිණ සෞඛ්‍ය බලධාරින් රෝගීන්ට ලැබිය යුතු දේ හොරාකමින් විවිධ දූෂණ සිදු කරන ආකාරය පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ ඊට උරණ වූ යාපනයේ වෛද්‍යවරුන් පිරිසක් චාවකච්චේරි රෝහලට පැමිණ ඔහුට පහරදී දුරකතනය උදුරාගැනීමට තැත් කර තිබෙන බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට චාවකච්චේරි රෝහල වසා දමා ඇති අතර වෛද්‍ය අධිකාරීවරයා පමණක් රෝහල තුළ සිටිමින් රාජකාරී කටයුතු වල නිරත වන බව සඳහන්.

මේ අතර, යාපනය චාවකච්චේරි මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් යාපනය නුවර ඒ 09 මාර්ගය අවහිරකරමින් අද (08) විරෝධතාවක නිරත වී තිබෙනවා.

යාපනය සෞඛ්‍ය බලධාරීන් විසින් වැඩබලන වෛද්‍ය අධිකාරි රාමනාදන් අර්ජුන මහතා ස්ථාන මාරුකොට ඇති බවට ඊයේ (07) රාත්‍රියේ ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

එහිදී වෛද්‍ය අධිකාරීවරයා එම ලිපිය භාර නොගැනීමත් සමඟ චාවකච්චේරි පොලිසිය පැමිණ  ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් හා රෝහල් කාර්ය මණ්ඩලය ඊට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ, වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙසත්  ඔහුව එම රෝහලෙන් ඉවත් නොකරන ලෙසත් ඉල්ලා සිටිමින්.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ දැඩි රථාවාහන තදබදයක් ඇතිව තිබු අතර චාවකච්චේරි රෝහල වසා දැමීමටද පියවරගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ලංකාවට

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා...

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

බාල සහොයුරා සමඟ ආරවුලක් ඇති ගැනීම හේතුවෙන් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙසේ ඝාතනය...

මාදු ගඟේ බෝට්ටු පදින්න ආපු පිරිසකට පහර දීලා

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙල කර තිබෙනවා. සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුන්ට ලබාදුන් ආරක්ෂිත...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....