පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ඒ, ඔහු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති රැස්වීමට සහභාගි වීම හේතුවෙන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙන්ම රාජ්‍ය අමාත්‍යය විදුර වික්‍රමනායක මහතාද මෙම රැස්වීමට සහභාගී වූහ .
හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ මීට පෙර පැවති රැස්වීමකට ද දොලවත්ත මහතා සහභාගි වූ අතර, පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව ඔහු මෙවැනි රැස්වීමට සහභාගී හේතුවෙන් ඔහු මින් ඉදිරියට ,කණ්ඩායමේ රැස්වීම්වලට නොකැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.