26 C
Colombo
Tuesday, January 21, 2025

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

- Advertisement -

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී ආරම්භ වුණා.

අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත කාලගුණය සලකා මෙවර එය ගෘහස්ථ ස්ථානයක පැවැත්වීම විශේෂත්වයක්.

ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්, විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම ඊලෝන් මස්ක් ඇතුළු දැවැන්තයින් ද ආරාධනා ලැබ සිටියා.

දිවුරුම් දීමේ උත්සවයේදී පළමුව, උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දුන් අතර ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ එරට 50 වැනි උප ජනාධිපතිවරයා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

POPULAR ARTICLES