ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලකට IPL කොන්ත්‍රාත්තුව හිමි වූ වනිඳු හසරංගගෙන්ද රජය 25% ක මුදලක් අයකර ගතහොත් කිසිවෙකුත් පුදුම නොවිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඒ, ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින්.
අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මේ වනවිට රටටම පැහැදිලි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
රටේ ජනතාවගෙන් ලක්ෂ 70 කට 80 කට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන අර්ථසාධක අරමුදලෙන්ද 25% ක් පැහැර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවත් මන්ත්‍රීවරයා පවසනවා.
දැඩි සිමෙන්ති හිගයක් පවතින වකවානුවක වැඩ ලක්ෂයක් සිදු කරන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් ආණ්ඩුවේ සිටින ඇතැම් පුද්ගලයන් වෙන වෙන ගේම්වලට කප් ගැසූ පුද්ගලයන් බැවින් එවැනි කටයුතු සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේද යන සැකය මතුවන බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවා.