මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ තව තවත් දේශපාලන සෙල්ලම් නොකර විශ්‍රාම යා යුතු බවත් නැවත බල ලෝභයෙන් සිදුකරන වංචා සහගත ක්‍රියාවලින් සිදුවන්නේ අහිංසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නැවත වතාවක් අපහසුතාවයට පත්වීම බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
එක්සත් ජනරජ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහර ආසන ජනරජ සභාව අමතමින් පසුගියදා (23) පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම, රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන ඒම සඳහා මැතිවරණයක් පවත්වනවාද නැතොහොත් ජූනි මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කර රට ස්ථාවර කරනවාද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ තීරණය කළ යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබුණා.
තවදුරටත් පන්සල් වලට ගොස් නයි පෙන්නා වංචා කර බුද්ධ ශාසනය විකුණාගෙන කෑමෙන් වැලකී සිටින ලෙසත් මේ මොහොතේ පන්සල් වල පවතින දානය ලැබීමේ ගැටලු විදුලිය ලබාගැනීමේ ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බවත් චම්පික රණවක මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.