උමන්දාව යටතේ ක්‍රියාත්මක ආයතනයක් වෙළෙඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට අදාළ ගිවිසුම්ගත වීමේදී රජයට දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව උමන්දාව විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් පවසනවා.
මන්ත්‍රීවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ අද (20) මේ බව පවසා සිටියා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සිරි සමන්තභද්‍ර හිමි,
“46 ලක්ෂ 55,000ක් සතොසට ගෙවලා තියෙනවා ග්‍රීන්හට් වෙනුවෙන් බිම් කුලිය වශයෙන්. ඊට අමතරව ලක්ෂ 10ක් අපේ තැම්පතුවකුත් තියෙනවා.ඔය ප්‍රකාශය කළේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා…,මන්ත්‍රීතුමෝ ඕවා කියවන්න පුළුවන්. මේවත් අරගෙන කියෙව්වා නම් තමයි හොඳ. බොරු කියලා ලෝකේ රවට්ටන්න බෑ දැන්.
ඔබතුමාලගේ ෆයිල් වැඩකරන්නේ නෑනේ…අපේ ෆයිල් හොඳට වැඩකරනවා. මේ බොරු කීම දැන් නවත්වමු. හොඳ වැඩකරන මිනිස්සුන්ට මඩගහන්නේ නැතුව, ඒ වැඩකරන මිනිස්සුත් එක්ක ඔබතුමාලා එකතු වුණානම් හරිනේ”
Related

'අවලෝකිතේෂ්වර බෝධිසත්ව' නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි බව පැවසෙන මොහු නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය…

තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කරහොත් ඒවා වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්. ඇතැම් මිනිසුන් සිදුකරන චෝදනාවට තමා ඇතුළු පවුලේ සාමාජිකයන් වැරදිකරුවන් නොවන බවට…

'උමන්දාව මහරෝහල' ලෙස රෝහලක් ඉදිකිරීමට නියමිත බවට සිරි සමන්ත භද්‍ර හිමියන්ට අයත් සිරි සදහම් ආශ්‍රමය නිවේදනය කරනවා. එම ආශ්‍රමය පවසන්නේ එහි ඉදිකිරීම් කටයුතු සඳහා ජර්මනියේ පිරිසක් යුරෝ ලක්ෂ 2ක ( € 200,000) මුදලක් පරිත්‍යාග කළ බවයි. මෙම පරිත්‍යාගය සිදුව ඇත්තේ සිරි සමන්ත්‍රභද්‍ර හිමියන්ගේ යුරෝපානු සංචාරය අතරතුරයි.