31 C
Colombo
Wednesday, October 16, 2024

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

- Advertisement -

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ඒ අනුව, ජනපතිවරණයේදී දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිත කළත්  මහ මැතිවරණයේදි සිය කැමැත්තට අනුව ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබා අලියා සලකුණට ජන්දය භාවිතා කරන ලෙස ඔහු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතික සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට අලියා සලකුණින් තරග කරන ජිවන් තොණ්ඩමන් මහතා අද  (16) දින නොර්වුඩ් නිව්වැලි වත්තේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් මේ බව පවසා සිටියා.

ගත වු සිව් වසර තුළ තමන්ට ලැබුණු ප්‍රතිපාදන අනුව වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කළ බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට මෙතෙක් අවස්තාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ පමණක් බවත් ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී පවසා තිබෙනවා.

වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩු කිරීමට ස්වාදීන කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් වතුකරයේ තරුණ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරන බවත්, එම කණ්ඩායම් වලට හසු නොවී අලියා සලකුණ දිනවිමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී සඳහන් කර තිබුණා.

ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී  පවසා සිටියේ කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටින තම දරුවන් මැතිවරණ කාලයේ නිවසට පැමිණ ඡන්දය අහවල් සලකුණට ලබාදෙන ලෙස පවසා යළිත්  රැකියා ස්ථාන වෙත යන නමුත්  වතුකරයේ රැඳී සිටින්නේ වතු කම්කරුවන් බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා සිටි විශාල පිරිසක් මේ වන විට විවිධ දේශපාලන කණ්ඩායම් වලට බෙදි මහ මැතිවරණයට ඉදිරිපත් වි ඇති බවත්, ලංකා කම්කරු කොන්ග්‍රසය කිසි දිනක දේශපාලන වාසි තකා කටයුතු නොකරන පක්ෂයක් බවයි ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි දෙකක මත්පැන් බහාලුමක් රේගු බාරයට

නෙදර්ලන්තයෙන් නීති විරෝධී ආනයනය කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන් බෝතල් 3,585 ක් ගබඩා කර තිබූ බහලුමක් කොළඹ වරායේ සී.අයි.සී.අයි. පර්යන්තයේ අතහැර...

මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

කුඩහකපොල දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද (16) දහවල් 12.30 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා. රියැදුරා විසින් ඉතා අපරීක්ෂාකාරීව හරස් මාර්ගය හරහා ධාවනය...

හැටනව ලක්ෂය, ලක්ෂ තුනකට බැස්සුවේ නාමල් සහෝදරයා – දිලුම් අමුණුගම

ඔවුන් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද හැටනව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහෝදරයා බව මව්බිම ජනතා පක්ෂයේ ජාතික...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...