26 C
Colombo
Friday, October 18, 2024

ඉරාන ජනපතිගේ ජීවිතය ගැන සැකයක්?

- Advertisement -

ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා.

මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවය.

“ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත” යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබුණා.

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය හෝ පිරිස සොයාගැනීමට පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා

ඉරාන ජනාධිපතිවරයාට අමතරව එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හදිසි ගොඩබෑම අවස්ථාවේ යානය තුළ සිට ඇති බව වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...