24.9 C
Colombo
Monday, November 25, 2024

ඩග්ලස්ගේ වරෙන්තුව නැවත කැඳවලා

- Advertisement -

නඩුවකට අදාළව සාක්ෂි දීම සදහා පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (25) අධිකරණයේ පෙනී සිටියා.

සිය නීතීඥවරු මාර්ගයෙන් හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැදවන ලෙසයි නියෝග කළේ.

2016 වසරේ රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් 02 ක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවාන්නද විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

අදානිගේ බටහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතියට මුදල් දීම ගැන ඇමරිකාව යළි සිතා බලයි

අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල සම්බන්ධව යළි...

POPULAR ARTICLES