සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළවයි.
වෛද්‍ය සමන් රත්නායක ගැන සැකකාරිත්වය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවයි මීට අදාල නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (29) විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කියා සිටියේ.
මෙම සිද්ධියට අදාළව මේ වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු හත්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.