24 C
Colombo
Sunday, January 5, 2025

බදුල්ල මාරක බස් අනතුරේ රියදුරු ලයිසන් කැන්සල් වූ අයෙක්

- Advertisement -

බදුල්ල මාරක අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටුවා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඒ, ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වනදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

එහිදී අත්අඩංගුවට පත් රියදුරා අගෝස්තු 06 වනදා ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 55,000ක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස 05කට අත්හිටුවා ඇති බව අද (05) අධිකරණයේදී අනාවරණය වුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද (05) කරුණු ඉදිරිපත් කර තිබුණා.

උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු හිනිදුම පොලීසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගතවූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, ඉකුත්දා බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරින් පසු ඔහු සතුව එම රියදුරු පත්‍රය තිබී ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලීසිය අධිකරණයට පවසා තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදානොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කළා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව මණ්ඩපයේ සිසු සිසුවියන් සහ ආචාර්යවරු ඇතුළු කණ්ඩායමක් ගමන් කරමින් තිබූ බස්රථය ඉකුත් 01 වනදා බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳ ට නුදුරු අඹගහඹය 4 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

මෙම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 42ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES