මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම මෝටර් රථයේ බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා අනුරාධපුර පොලීසිය විසින් කැඳවා ප්රශ්න කර තිබෙනවා.
කෙසේවෙතත්, මෙම රථයේ රියදුරු මේ වන විට මෝටර් රථයද රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව සැකකරු සොයා අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙවැනි අන්තරාදායක ක්රියා තුළින් අන් අයගේද ජීවිත අවධානමට ලක්කරන බවත් නියමිත රථ වාහන නීති කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්රී ලංකා පොලීසිය තවදුරටත් අවධාරණය කරනවා.