31 C
Colombo
Tuesday, July 2, 2024

සූර් වූ රියදුරා කෝච්චිය මඟ දාලා ගිහින්

- Advertisement -

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා අද (30දා) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කරමින් සිට, හදිසියේ දුම්රිය මග දමාගොස් ඇති බව වාර්තා වෙනවා.

මහනුවර බලා පෙ.ව. 10.40ට ධාවනය ආරම්භ මෙම දුම්රිය මහනුවරට ආසන්න වද්දී, සුදුහුම්පොල ප්‍රදේශයේදී නැවැත්වීමට රියදුරා කටයුතු කර තිබුණා.

පසුව ඔහු දුම්රියෙන් බැස පළායෑමට උත්සාහ කර ඇති අතර, එහි ක්‍රියාත්මක වූ මගීන් මොහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන තිබෙනවා.

අනතුරුව සහායක රියදුරාගේ මාර්ගයෙන් දුම්රිය මහනුවර දක්වා රැගෙන විත්, බීමත් රියදුරාව දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රියදුරුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් මහනුවරට ප.ව. 1.40ට ළඟාවීමට නියමිතව තිබූ දුම්රිය, මහනුවරට පැමිණ ඇත්තේ ප.ව. 2.30ට බවට මගීන් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද විමසීම ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් රට තුළ මැතිවරණ නීතිය තවමත් බලාත්මක...

පාසල් වෑන් රථ ගාස්තු ගැනත් තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරනවා. පවතින ආර්ථික තත්ත්වය...

ඉන්දියාවෙන් යාපනයට වතුර

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙනවා. වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,690ක්. කිලෝ 5ක...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

සයිනොපෙක් සමාගමද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින්...