30 C
Colombo
Sunday, October 27, 2024

ඩඩ්ලිගේ හාල් මෝලට පාරිභෝගික අධිකාරියෙන් පැනලා

- Advertisement -

ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පොළොන්නරුව, ඇතුමල්පිටිය අරලිය සහල් නිෂ්පාදනාගාරයට අද (27) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබෙනවා.

එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එහිදී පාර්භෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමඟ සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ

දෛනිකව සිදු කරන සහල් නිෂ්පාදනය කිසිදු ලෙසකින් අඩු නොකරන බවත් සිය නිෂ්පාදනාගරෙයේ සේවකයින් සිටින ප්‍රමාණය අනුව මෙන්ම ඔවුන්ට ලබා දෙන වැටුප අනුව අදාළ දෛනික කටයුතු සිදු කරන බවත් එහි කලමණාකාරිත්වය පවසා තිබෙනවා.

දෛනිකව සිය නිෂ්පාදනාගාරයේ කිරි සම්බා කිලෝ ලක්ෂ 2 ක්ද, නාඩු සහල් කිලෝ ලක්ෂ 1 ක්ද සකස් කරන බව කලමණාකාරිත්වය පවසා තිබුණා.

ගොවීන් විසින් කිරි සම්බා වගා කල ප්‍රමාණය වැඩී වීමෙන් මෙම කාලයේදී කිරි සම්බා නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බව අරලිය සහල් නිෂ්පාදනාගාරයේ කලමණාකාරිත්වය මෙහිදී පවසා තිබුණා.

කෙසේ වෙතත් මාස 2 කට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනාගාරයේ ඇති බව අරලිය සහල් නිෂ්පාදනාගාරයේ කලමණාකාරිත්වය වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මනුෂ්‍ය ඝාතන තැතක් වැළකේ

කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල, හබරාදූව, මීපේ ප්‍රදේශයේ පදිංචි...

මාන්නප්පෙරුමට පක්ෂ 10කින් ආරාධනා?

තමන් සමඟ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ලෙසට මෙවර මහ මැතිවරණ සටනින් ඉවත් වූ හිටපු අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්...

රංජනුත් සල්ලිවලට සෙනඟ ගෙනල්ලා මල්ලි

රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය ඊයේ (27) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. කෙසේවෙතත් මෙම සම්මේලනය අවසන් වීමෙන් පසු...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...