29 C
Colombo
Saturday, December 21, 2024

Breaking : දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අහෝසියි – ශ්‍රේෂ්ඨාධිකරණය

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ලබාදී තිබූ සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ තීන්දුවක් නිකුත් කළා.

මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඒ අනුව, දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම, මෙහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

මෙම ක්‍රියාවලියේදී හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් තීන්දුවේ සඳහන්.

එසේම පෙත්සම්කරුට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරුණු අධිකරණයට පිළිගත නොහැකි තත්ත්වයක පවතින බවද අදාළ තීන්දුව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩණය නියම කර තිබුණා.

අනතුරුව, එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළ අතර එම අභියාචනා විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය ස්ථිර කිරීමට තීන්දු කළා.

කෙසේවෙතත්, ඉන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට තීන්දු කර තිබුණා.

ඒ අනුව,මෙලෙස සමාව ප්‍රදානය කිරීමේදී නිසි නීතිමය පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සුමනා ප්‍රේමචන්ද්‍ර ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නීතිඥ ගසාලි හුසේන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

අපිරිසිදු ආපනශාලා සොයා පිටකොටුවේදී හදිසි වැටලීමක්

කොළඹ පිටකොටුව බෝධිරාජා මාවතේ ඇති ආපනශාලා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (21) පෙරවරුවේ හදිසි වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී ඇතැම්...

බිත්තර මිල තවත් පහළට

වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසනවා. අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

කොළඹ – නුවර මාර්ගයේ තවත් අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු බහළුම් රථයේ රියදුරුට රථය පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බහලුම් රථ‍ය තවත් ලොරියක...

POPULAR ARTICLES

තායිවාන පාර්ලිමේන්තුව කණපිට හරවලා

තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මතභේදයට තුඩු...

අපිරිසිදු ආපනශාලා සොයා පිටකොටුවේදී හදිසි වැටලීමක්

කොළඹ පිටකොටුව බෝධිරාජා මාවතේ ඇති ආපනශාලා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (21) පෙරවරුවේ හදිසි වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී ඇතැම්...

කොළඹ – නුවර මාර්ගයේ තවත් අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු බහළුම් රථයේ රියදුරුට රථය පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බහලුම් රථ‍ය තවත් ලොරියක...