මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දුමින්ද සිල්වා යළිත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසන බව ” මොනරා” පුවත්පත වාර්තා කර තිබෙනවා.
රෝහල් සේවකයන් පවසා ඇත්තේ, බන්ධනාගාර රෝහලේ සිට මීට සති කිහිපයකට පෙර බන්ධනාගාර සිර වාට්ටුවකට මාරු කරන යවන ලද ඔහු කණේ අමාරුවක් බව පවසමින් බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවට යළිත් ඇතුළත්ව පෙර සිටි ඇඳේම සිටින බවයි.
ඒ අනුව ඔහු පෙර පරිදිම සියලුම පහසුකම් එම වාට්ටුවේ සිට භුක්ති විඳින බවත් එම සිරකරුවන් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම දුමින්ද සිල්වා හට වෙනම සුඛෝපභෝගී වැසිකිලියද නැවතත් වෙන් කරගෙන ඇති බවත් රිමාන්ඩ් සිරකරුවන් ලවා බන්ධනාගාරයට ආහාර පාන ගෙන්වා ගැනීම සිදුකරන බවත් එම පුවත්පත වාර්තා කරනවා.
මොහුට අනෙකුත් රෝගී සිරකරුවන්ට මෙන් නොව විශේෂ සැලකිලි ලැබෙන බවත් ඔහු හත් අට වතාවක්ම රෝහල් ගතවී ප්‍රතිකාර ගන්නා බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
මෙම සිරකරුගේ ආවතේව සඳහා වෙනම සිරකරුවන් පිරිසක් සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග පවසන බව මොනරා පුවත්පත වාර්තා කර තිබෙනවා.