භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම හෙලා දකින බව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
නීතියේ ස්වාධිපත්‍ය සුරකිමින් මෙම නියෝගය හකුළාගන්නා ලෙසයි මෙම නිවේදනයෙන් එම පක්ෂය ජනපතිවරයාට දැනුම්දී තිබෙන්නේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් කර තිබෙන්නේ මෙම විශේෂිත නඩුව විශාල මහජන උනන්දුවක් ඇති වූ බවත් එම සමාව ලබා දීමට ඔහු තෝරාගත්තේ මන්දැයි ජනාධිපතිවරයා රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතු බවත් ය.
එමෙන්ම මෙම නියෝගය හකුළාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයත් ඉල්ලා සිටිනවා,
අදාළ නිවේදන දෙක පහතින්