28 C
Colombo
Saturday, September 14, 2024

නඩු විභාගයක් අතරතුර වගඋත්තරකරු සිහිසුන්ව ඇද වැටිලා

- Advertisement -

වෘත්තීය ආචාර ධර්ම කඩ කළ බවට තමාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධික – රණයට අපහාසාත්මක වන කරුණු ඇතුළත් ලේඛන ඉදිරිපත් කළ නීතිඥභාවය අත්හිටුවා ඇති ධර්මසිරි කරුණාරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන තිබෙනවා.

පැමිණිල්ලේ වගඋත්තරකරුවන ධර්මසිරි කරුණාරත්න මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිහිසුන්ව ඇද වැටී ඇති බව වාර්තා වෙනවා.

නඩු විභාගය පැවති අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඔහූ “බුදු අම්මෝ” යනුවෙන් කෑගසමින් සිහිසුන්ව ඇදවැටී ඇති බව සඳහන්.

පසුව අධිකරණ ආරක්ෂක නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව රෝද පුටුවකින් ඒ මහතා පිටතට රැගෙන ගොස් තිබුණා.

මෙම පැමිණිල්ල අද මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පැමිණිල්ල පිළිබඳ විභාගය ඔක්තෝබර් මස 30 වනදා පැවැත්වීමටද දින නියම කළා.

RECENT ARTICLES - SINHALA

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට දඩයක් වැඩ වරදින ලකුණු

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා. යම් සේවා යෝජකයකු මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...