25 C
Colombo
Monday, March 17, 2025

ඇෆ්ගනිස්තානයේ පොලිස් නිළධාරිනියන් අනතුරේ

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ පසුගිය පාලන සමය තුළ පොලිස් නිළධාරිනියන් ලෙස කටයුතු කළ කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැ‍ටලුවක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබද තොරතුරු අනාවරණය වී ඇත්තේ නෙදර්ලන්ත පොලිසිය විසින් එරට රජයට ඉදිරිපත් කළ ඉල්ලීමක් හේතුවෙනි.

ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා රැදී සිටින කාලය තුළ එරට කාන්තා පොලිස් සේවයක් ස්ථාපිත කෙරුණු අතර ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ සහය ලබාදීමේදී නෙදර්ලන්ත පොලිසිය විශේෂ සහය දැක්වීමක නිරත විය.

ඒ අනුව නෙදර්ලන්තයේ සහ ඇෆ්ගනිස්තානයේ පොලිස් නිලධාරිනියන් අතර විශේෂ සබදකම් පවතින අතර ඒ හරහා අනාවරණය වී ඇත්තේ තලේබාන් පාලනය විසින් මේ වනවිට සේවය අහිමි කරනු ලැබ සිටින පොලිස් නිලධාරිනියන්ට ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතුව ඇති බවයි.

ගතවූ කාලසීමාවේදී ඇෆ්ගනිස්තාන පොලිසියේ සේවය කළ නිලධාරිනියන් සිව්දෙනෙකු පමණ ඝාතනයට ලක්ව ඇති අතර තවත් විශාල පිරිසක් ජීවිතාරක්ෂාව සදහා සැඟව සිටින බව හෙළිවී තිබේ.

කෙසේවෙතත්, ඔවුන් පිළිබද වන දත්ත පද්ධතියට ඇතුළුවීමට තලේබාන් සංවිධානයට අවස්ථාව ලැබී ඇති හෙයින් මෙම පිරිස් මුදාගැනීම සදහා අන්තර්ජාතික මැදිහත්වීමක් සිදුකරන ලෙස නෙදර්ලන්ත පොලිසිය එරට රජයෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

කලහකාරීව හැසිරුණූ එකම පවුලේ 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන්...

Breaking : දේශබන්දුගෙන් උසාවියට ජිල්මාට් එකක්

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ...

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එනවා – අසේල සම්පත්

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී  කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුතු ජන...

POPULAR ARTICLES