24.9 C
Colombo
Monday, November 25, 2024

E 8 වීසා ගිවිසුම් අද නීතිපතිට

- Advertisement -

විවිධ පාර්ශවවලින් ලැබුණු E 8 වීසා ගිවිසුම් අද(25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ, අදාළ ගිවිසුම්වල වලංගු භාවය පරීක්ෂා කිරීම වෙනුවෙන්.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඊ 8 වීසා යනු කෙටිකාලීනව මාස 8 ක් දක්වා කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු කොරියාවට පැමිණීමට අවසර ලබාදෙන ක්‍රමවේදයක් බවයි.

මේ අතර, කොරියාවේ කෙටිකාලීන රැකියා අවස්ථා හිමිවුණු එහෙත් කොරියාවට යෑමට අවස්ථාව නොලැබුණු පිරිසක් එක්ව සිදුකරන විරෝධතාව අදත් ක්‍රියාත්මකයි.

සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊ 8 වීසා එකමුතුව නමින් -අද තුන්වැනි දිනටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ක්‍රියාත්මක
බව විරෝධතාකරුවන් පැවසුවා.

107 දෙනෙකුගෙන් යුතු එම පිරිසට දකුණු කොරියාවට යෑමට නොහැකි වී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොදීම හේතුවෙන්.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරියක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබෙනවා. මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය...

වනජීවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු මාට්ටු

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිලධාරියෙක් අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසනවා. පොලිසිය සදහන් කරන්නේ,...

IMF එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමතිත් සතුටින්

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම...

POPULAR ARTICLES