32 C
Colombo
Sunday, November 17, 2024

පාස්කු ප්‍රහාරය: මම දැනන් හිටියෙ නෑ – මෛත්‍රිපාල (වීඩියෝ)

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරක් තමා දැන නොසිටි බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, පොළොන්නරුවේ පොළොන්නරුව නව නගරයේ පිහිටි නිර්මල දේවමාතා කිතුනු දේවස්ථානයේ පැවති ආශිර්වාද පූජාවකට එක්වෙමින්.

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ දේවස්ථානය සඳහා ආධාර ලබාදුන් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් දැණ සිටියේ නම් මෙවැනි විනාශයක් සිදුවීමට ඉඩ නොතබන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනපතිවරයා ,

“මේ දේවස්ථානයේ සිට මම කියන්න ඕනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. මට තොරතුර ලැබිලා දැනගෙනත් මම පිටරට ගියා කියලා ආරංචියක් පතුරවනවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මට මේ පිළිබඳව යම් හෝ තොරතුරක් බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ මාව දැනුවත් කළා නම් මම රටින් පිටවෙන්නේ නෑ. මම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියේ. ඒ දවස් දෙක මම සිංගප්පූරුවේ රෝහලක හිටියේ. මාධ්‍ය සහ ඇතැම් අය චෝදනා කරනවා ඒ රෝහලේ සිටින විට මට මෙහෙන් දුරකථන ඇමතුම් දීලා මේ ගැන දැනුවත් කළා කියලා. නමුත් සිංගප්පූරු එළිසබත් රෝහලේ රෝගියෙක් ගාවට දුරකථන අරන් යන්න පුළුවන් කමක් නෑ. ඒ දවස් දෙක තුන මම රෝහලේ ගත කළේ.

මේ පිළිබඳව මම ම පත්කරපු ජනාධිපති කොමිසම් සභාවට පවා මම ප්‍රකාශ කළා. බෞද්ධයෙක් විදියට බුදුන් වහන්සේගේ දෙපා නැමද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් මේ තොරතුරු කිසිදෙයක් මම දැනුවත් වුණේ නෑ කියලා. මේ උතුම් දේවස්ථානයේ හෝ ඕනෑම තැනක කුරුසයේ අතගසා මට කියන්න පුළුවන් මේ කිසිම තොරතුරක් මට ලැබුණේ නෑ කියලා. එවැනි දෙයක් මම දැනගෙන හිටියා නම් මම කවදාවත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගෙන සිටින්නේ නෑ. සිංගප්පූරුවේ සිටින අවස්ථාවේ හෝ මට දැනුම්දුන්නා නම් මම වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දීලා ක්‍රියාමාර්ග ගන්න කියනවා.”

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES