27 C
Colombo
Monday, October 7, 2024

පාස්කු වින්දිතයෝ දේශබන්දුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට

- Advertisement -

වැඩ බලන පොලිස්පති ධුරයට පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගඋත්තරකරුවන් කරමින් ඒ.එම්.ඒ. නිශාන්ත, පී.එම්.ආර්. ප්‍රනාන්දු සහ ජේ.ඒ.ඩී.එෆ්. ප්‍රියන්ත යන අය විසින් පෙත්සම ගොනු කර තිබෙන බව සඳහන්.

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ විමර්ශන කොමිසන් සභාව ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ බරපතළ නොසැලකිලිමත්කම් සහ අතපසුවීම් කිහිපයක් අනාවරණය කර ඇති බව පවසන පෙත්සම්කරුවෝ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය පියවර ගැනීමට ඉන් යෝජනා කර තිබූ බව පෙන්වා දෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් සහ එම පුද්ගලයන් පොලිස්පති තනතුරට පත්කිරීමට සුදුසුකම් නොලබීමට හේතු පැහැදිලි කරමින්, කොළඹ අගරදගුරු මැල්කොම් කාදිනල් රංජිත් හිමිපාණන් 2023 ජුනි 26 වැනි දින ලිපියක් මගින් කථානායකවරයා දැනුවත් කර ඇති බවද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියාසිටිනවා.

නීතිඥ තුෂාරි ජයවර්ධන හරහා ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන්, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41සී ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආසියානු සංවර්ධන බැංකුවෙන් ජනපතිට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...

Breaking : අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.විජේරත්න මහතා අද (07) පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී...

ඉතිහාසයේ පළමු වරට CID මුල් පුටුවට කාන්තාවක්?

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...