දිනය 2019 අප්‍රේල් 21 වනදා.
එදින අලුයම සිට කතෝලික ජනතාව බහුලව වෙසෙන ප්‍රෙද්ශයක් වන මීගමුව කටුවාපිටිය ප්‍රෙද්ශය යේ පරිසරය නිස්කලංක වුවත් තරමක් ජනාකීර්ණ බවකින් පැවතියා. ඒ එදිනට යෙදී තිබු පාස්කු ඉරුදිනය හෙවත් ජේසු සමිඳානන් මරණය පරාජය කරමින් නැවත නැඟිටිමේ මංගල්‍ය හේතුවෙන්. අළුයම් කාලයේ ප්‍රෙද්ශයේ සිටි බාල,මහලු සියලු කිතුණු බැතිමතුන් මේ සුදානම් වන්නේ පල්ලියේ පැවැත්වෙන දේව මෙහෙයට සහභාගී විමටයි.සියලු දෙනා ඉතා සතුටින් පල්ලිය කරා ඇදී එන්නට වුණේ දේව මෙහෙයට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන්. කටුවාපිටිය දේවස්ථානය අතුරු සිදුරු නැතුව බැතිමතුන්ගෙන් පිරී යන්නට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ.පැමිණ සිටි සියළු බැතිමතුන් දේව මෙහෙයට සම වැදී සිටියා. ඔරලෝසුවේ වෙලාව 08.45 ලෙස සටහන් වුවා පමණයි.ඒ සියල්ල සිදුවන්නට ගත වුයේ තප්පරයක් තරම් සුලු කාලයක්.පියතුමාගේ ස්තුති කතාව පැවැත්වෙන අතරතුර කාගේත් නෙත නොගැටි පල්ලියට ඇතුලු වන මරාගෙන මැරෙන සාහසික බෝමබකරු බෝමබය පුපුරවා ගන්නේ මිනිස් ජිවිත රැසක් මරණයට පත් කරමින්. ප්‍රහාරයකට ලක්වු කිසිවකුට සිදුවුයේ කුමක්ද කියා සිතා ගැනිමට නොහැකි ලෙස සියල්ල සිදු වි හමාරයි.ඇසි පිය හෙළන එක් නිමේශයකදී සියල්ල සිදුවී හමාර වුණා. නොසිතු නිමේෂයක සාහසික මරාගෙන මැරෙන බෝම්බකරු සිදු කළ ප්‍රහාරය කිසිදිනක අමතක නොවන ලෙස අදුරු මතකයක් නිර්මාණය කළා.
මෙම අදුරු මතකයට වසර පහක් ගිය පසුත් සාධාරණයක් ඉටු වූ වාද යන්න ඇත්තේ බරපතළ ගැටළුවක්.ඒ අදුරු මතකයට වසර පහක් ගතවෙන්නට දින කිහිපයක් තිබියදී අප එම ප්‍රදේශයට යන්නට වුණේ යම් තොරතුරක් දැනගැනීමේ අදිටනින්.
මෙම ඛේදවාචකයට මුහුණ දුන් පිරිස් සොයා ගිය ගමනේදී සයුරු තත්සර මෙම අත්දැකිමට මුහුණ දි තිබුණේ වයස අවුරුදු(09) තම සොයුරිය වන දිනුකි සමඟ පල්ලියට ගොස් සිටියදී.
”එදත් සාමාන්‍ය පාස්කු ඉරිදාවක්. මමත් මල්ලි එක්ක පල්ලියට ගියා.පල්ලියට ගිහින් ෆාදර්ගේ ස්තුති කථාව යන අතරෙ හයියෙන් පුපුරන සද්දයක් ඇහුනා.මම බිම වැටිලා හිටියේ.නැකිටල බලනකොට මල්ලි පේන්න හිටියේ නැ.මල්ලිත් එතනම බිම හිටියා.මම මල්ලිව මගේ අත්දෙකට ගත්තා.අරගෙන දන්න අයයා කෙනෙක් හිටියා එයාට දුන්නා.මටත් තුවාලවෙලා තිබ්බා.හිතාගන්න බැරි උනා මොකද්ද උනේ කියලා..මල්ලිව හොයා ගන්න බැරි උනා.පස්සේ ආරංචි උනා මල්ලි කොළඔ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා කියලා.මල්ලිගෙ ඔලුවට සර්ජරි එකක් කරලා තිබ්බා.ඔලු කටුව ගැලවිලා තිබ්බෙ.
මේ වන විට දිනුකිගේ ජිවිතය උඩුයටි කුරු කිරිමට මෙම සිදුවිම සමත්ව තිබෙනවා.කුඩා කාලයේදීම මව විසින් අතහැර දමා ගිය දිනුකි කෞසල්යා ජීවත් වන්නේ තම පියා, මල්ලී සහ පියාගේ මව සමඟයි. පියා කම්කරුවෙක් වන අතර පියාගේ මව නිදන්ගත රෝගාබාධයකින් පෙළේ. මේ තත්ත්වය තුළ ඔවුන් සමඟින් තම මල්ලිව බලා ගැනීමේ සම්පූර්ණ වගකීම දැන් පැවරී ඇත්තේ දිනුකි වෙතයි.තම බාල සොහොයුරා බලාගැනීම සඳහා උසස් අධ්‍යාපනය නවතා දැමීමට සිදුවූ බව පවසන දිනුකි තම සහෝදරයාගේ මෙන්ම පවුලේ සියලු වගකිම් සියතට ගෙන කටයුතු කරනවා.
අවුරුදු 9ක පිරිමි ළමයෙකු ලෙස තම සොයුරිය සමඟ සතුටින් පල්ලි ගිය සයුරු සත්සරට මාස එකහමාරකට පමණ පසු නිවසට එන්නට සිදුවූයේ රෝගි දරුවකු ලෙසයි.වසර පහක් ගෙවි ගියත් මේවන විටත් නිසි සුවයක් නොලබා සිටින සයුරුගේ සියලු වැඩ සිදු වන්නේ දිනුකිගේ සහය ඇතිවයි.ඒ එක් අතක් පාදයක් නිසි ලෙස ක්‍රියා නොකිරීමත් නිසායි.මේවන විට හිසේ සැත්කම් කිහිපයකට මුහුණදි සිටින සයුරු කොළඔ ජාතික රෝහලේ සායනයන් සඳහා මාසයකට වරක් රැගෙන යායුතු අතර ඒ සඳහා රැපියල් 10000 මුදලක් පමණ වැයවන බව සොයුරිය පවසා සිටියා.
දිනුකිගේ 68 හැවිරිදි මිත්තණිය පවසා සිටියේ “මේ දරුවාගේ අනාගතය ගැන හිතනකොට මට බයයි. අපේ කාලෙත් එක්ක ..මල්ලිත් එක්ක ජීවිතේ කොහොම දරාගන්නද..මේ ළමයට අනාගතයක් තියෙන්න ඕනේ” පල්ලිය විසින් ඉදිකරන ලද නිවසක මේවන විට ඔවුන් ජිවත් වන අතර බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇයට සහ සොහොයුරාට රජය මුලින් සුළු මුදලක් ලබා දුන් පසු කිසිදු ආධාරයක් නොලැබුණු බව පවුලේ අය සඳහන් කළා.
වසර පහක් මෙම සිදුවි ඇති නමුත් ඉන් සිදුවු බලපැම සයුරට තදින්ම සිදු වි හමාරය.අලුත් පිරිසක් දුටුවිට හිත් ඇතිවන තිගැස්ම සහ බිය තවමත් පහව ගොස් නැත.
2019 අප්‍රේල් 21 වන දින මුළු රටම කැළඹූ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරිමට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. නමුත් අද මේ වන විටත් එයින් පීඩාවට පත් වූවන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටුවි තිබේද යන්න ප්‍රශ්නයක්?
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මංජුල සෙබස්තියන් පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නක්
”අපිට තවම සාධාරණය ඉටුවෙලා නැහැ. බලයේ ඉන්න අය කියනවා අපිට පුළුවන් උපරිමයෙන් සාධාරණය ඉටු කළා කියලා. නමුත් එය එසේ නොවේ. අපි තවදුරටත් යුක්තිය ඉල්ලා නොසිටියහොත් මේ රටේ වෙනත් ආගමිකයන් කිහිප දෙනෙකුට නැවත මෙවැනි දේ සිදු විය හැකියි. මෙම සිද්ධිය සඳහා ත්‍රස්තවාදීන් වගකිව යුතු බව අපි පිළිගන්නවා. නමුත් ඔවුන් පිටුපස සැඟවුණු හස්තයක් තිබෙනවා. ඒක කුමන්ත්‍රණකාරී වැඩක්. විමර්ශන කොමිසමේ වාර්තාව අපට ලබාදී තිබෙනවා. නමුත් අපට ලැබී ඇති වාර්තාව සම්බන්ධයෙන් අපට ප්‍රශ්න තිබෙන අතර අපි එම ප්‍රශ්න රජයට ඉදිරිපත් කර තිබෙනවා. තවද සිදුවූයේ කුමක්දැයි වටහා ගත නොහැක. මම ජීවත් වන්නේ පහර කෑමට ලක් වූ මිනිසුන් සමඟයි. ඔවුන්ගේ තත්වය කෙතරම් භයානකදැයි පිටස්තරයින්ට සිතාගත නොහැකියි.රජය යම් මුදලක් ලබා දී ඇති නමුත් පල්ලිය ඔවුන් සමඟ සිටින අතර බරින් වැඩි කොටස දරා තිබෙනවා. සම්පූර්ණයෙන් ආබාධිත, සමහරුන්ට කටහඬ නැති, අතපය අහිමි අය ඉන්නවා. තවත් සමහරු බෝම්බවල කොටස් සිරුරු මත තබාගෙන ඉන්නවා. මෙම මිනිසුන් ජීවිතයට මුහුණ දෙන්නේ ඔවුන්ගේ ඇදහිල්ල, පල්ලිය සහ ඔවුන්ට සහයෝගය දුන් සහ ඔවුන් සමඟ සිටි ත්‍යාගශීලී මිනිසුන් නිසා.බලපෑමට ලක් වූ පුද්ගලයින්ට අන් අය සමඟ සහජීවනයෙන් සිටිය හැකි වුවද. ඒ අයට අතීත මතකවලින් ගොඩ එන්න බැහැ.”
මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විපතට පත් ජනතාව සමඟ සිටින බවත් විපතට පත් ජනතාවට සාධාරණය ඉටු කරන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටීම සඳහා යුක්තිය ඉල්ලා ජිනීවා නුවරට යාමට තමන්ට සිදුවූ බවත් අගරදගුරු මංජුල සෙබස්තියන් පියතුමා පවසනවා.තවද උත්සව සමයන් සහ රැස්වීම් වලදී. සමහර අවස්ථාවල ජීවතුන් අතර සිටින්නේ මව පමණක් වන අතර තවත් සමහර අවස්ථාවල පියා පමණක් බවත් ඇතැම් පවුල්වල දරුවන් අහිමි වී සිටින බවත් මංජුල සෙබස්තියන් පියතුමා සඳහන් කළා.
තවමත් කටුවාපිටිය ප්‍රෙද්ශයේ බෝම්බ ප්‍රහාරයේ අදුරු මතකයන් සාධාරණය ඉල්ලන්නේ කිසිම කෙනෙකුට වරදක් නොකර අකාලයේ දිවි අහිමිවු ජිවිත 43 දෙනක් වෙනුවෙන්.ඔවුන්ගේ සිරුරු කට්ටුවාපිටිය දේවස්ථානයට මදක් ඈතින් පිහිටි සුසාන භූමියක වළදමා තිබෙන අයුරු නෙතට ගෙන දෙන්නේ කදුලක්.
පසුගිය වසර හතරක කාලය තුළ, ශ්‍රී ලංකා පොලිසිය,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවම වශයෙන් සැකකරුවන් 200 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බොහෝ පිරිසකට නඩු පවරා තිබුණත් මේවන තෙක් වැරදිකරුවකු සොයා ගැනිමට අසමත්වි තිබෙනවා.රටේ පාලන තන්ත්‍රය විසින් එකිනෙකාට චෝදනා කර ගත්තද මේ වන තෙක් සාධාරණය කොතෙක් ඉටු කර තිබේද යන්න ගැටලුවක්.
ත්‍රස්ත ප්‍රහාරය සිදුවන සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙයින් විපතට පත් වූවන්ට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේඨාධිකරණය විසින් පසුගිය වසරේ දී නියෝග කළා.
කෙසේවෙතත් එම සිදුවිම ඉත්තෙක් කරගත් නෙරපා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 දී බලයට පත් වූයේ ජාතික ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සහ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවට පොරොන්දු වෙමින්.නමුත් අද වන විටත් එය කඩවුණු පොරොන්දුවක් වි හමාරය.නමුත් පාස්කුවෙන් පසු බලයට පැමිණෙන සියලු දෙනා දෙන පොරොන්දුවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ලබා දෙමින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්බ කරන බවයි.
එලෙස ලබා දෙන පොරොන්දු දෙස බලමින් තම මිය ගිය දියණියට සාධාරණයක් ඉටුවන තෙක් බලා සිටින පියකු වේදනාව ප්‍රකාශ කළේ “එදා මගේ දුවට අවුරුදු 13යි, අද හිටියා නම් එයා සාමාන්‍ය පෙළ හදාරලා ඉන්නෙ.හරිම ලස්සනයි එයා.වොලිබෝල් ගහන්න ,සිංදු කියන්න එයා ගොඩක් දක්ෂයි.”
මියගිය කණිෂ්කා (13) සිය අනෙක් සහෝදරිය සහ මව සමඟ කටුපිටියේ පල්ලියට ගොස් සිටියදී බෝම්බ පිපිරීමෙන් ජීවිතය අහිමි වුණා. සහෝදරියට සුළු තුවාල සිදුව ඇති අතර මව බරපතල තුවාල ලබා මීගමුව රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබමින් සිටිනවා.කණිෂ්කාගේ සොයුරිය සපත්තුවේ ලේස් එක ගැට ගහන්න බිමට පහත් වු අවස්ථවේ මෙම පිපිරිම සිදු නිසා ඇයගේ දිවිය බේරුණු බව පියා සඳහන් කළා.
”අපේ පොඩි දුව නැතිවෙලා කියලා බිරිඳ දැනගෙන හිටියේ නැහැ.එයා හිටියේ රෝහලේ.එයාට පොඩි දුවගේ මිනිය බලන්න උනේ නැහැ.බිරිඳ රෝහලේ ඉදලා ආවම තමයි දැනගත්තේ දුව නැතිවෙලා කියලා.බිරිඳ රෑ දෙකට තුනට නැකිටලා අඬනවා දුව බලන්න ඕන.දුව ගෙනත් දෙන්න කියලා…සමහර වෙලාවට කනත්තට යන් කියනවා.එක්කන් ගියාම වල හාරන්න කියනවා දුව බලන්න ඕන කියලා”කදුලු පිරිදෙනෙතින් කණිෂ්කාගේ පියා ඒ අදුරු මතකය ආවර්ජනය කළා.
තවමත් තම බිරිඳගේ සිරුරේ බෝම්බ කෑලි තිබෙන බවත් ඒවා ඉවත් කිරිමේ හැකියාවක් නොමැති බවත් පවසා සිටියා.ඇය මේවන විට එම කැලිත් සමඟ තම දියණිය අහිමිවිමේ දුකද සමඟයි.
මෙම සිදුවිමෙන් පසුගිය අවුරුදු පහක කාලය තුළ පල්ලියට නොගිය බව පැවසු කණිෂ්කාගේ පිය පාස්කු ප්‍රහාරයට පෙර දින පතා යාඥාකිරිමට තම දියණියන් දෙදෙනා සමඟ පල්ලියට ගිය බව පැවසුවා.නමුත් තවමත් තම මිය ගිය දියනියට සාධාරණයක් ඉටු නොවිම නිසා දෙවියන් සිටිව බවට විශ්වාස කරන්නේ කෙසේද යන්න විමසා සිටිනවා.
පසුගිය වසර අවසානයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරන ලද සමීක්ෂණයකින් පෙනී යන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් ජනතාව තුළ නොසතුටක් පවතින බවයි.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව, එහි ප්‍රතිවිපාක සමාජයේ ව්‍යුහය තුළ ගැඹුරින් දෝංකාර දී ඇති අතර, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට එකසේ කල්පවත්නා කැළැල් ඇති කර ඇත. සාප්පු හිමියෙකු වන මොහොමඩ් සිෆාන් සඳහා, වැටීම කැපී පෙනේ. ඛේදජනක සිදුවීම් දිග හැරුණු දා සිට, ඔහුගේ සිංහල ගනුදෙනුකරුවන්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් ඔහුගේ ආයතනයට අනුග්‍රහය දැක්වීම නතර කර ඇති අතර, ඔහුගේ ව්‍යාපාරයේ සැලකිය යුතු පසුබෑමකට සහ රුපියල් ලක්ෂ ගණනක සැලකිය යුතු මූල්‍ය අලාභයකට ලක්ව තිබෙනවා.
මෙම ප්‍රහාර ආර්ථික ප්‍රතිවිපාකවලට පමණක් නොව විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් පවත්නා සමාජය සඳහා දැඩි බලපෑමක් එල්ල කර තිබුණා. මුස්ලිම් කාන්තාවක් වන ෆාතිමා නුස්රා හට දැඩිලෙස බලපෑමක් එල්ල කර තිබෙනවා.
ඒ බෝම්බ ප්‍රහාරයෙන් පසුව, ආරක්ෂක අරමුණු සඳහා ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ ආන්ඩුව විසින් තහනම් කිරීම සිදු කරනු ලැබුවා.සම්ප්‍රදායික ඉස්ලාමීය ඇඳුමෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවන් දැඩි පරීක්ෂාවකට සහ වෙනස් කොට සැලකීමට ලක් විම,නිහතමානීව හිස් වැසුම් පැළඳ සිටින අය පවා හිරිහැරවලට සහ කොන්කිරීම්වලට මුහුණ දුන් අතර, ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනි ඇඳුම් පැළඳුම් නීතිවලට අනුකූල නොවන්නේ නම් එම පුද්ගලයින්ට රජයේ කාර්යාලවලට ඇතුළුවීමට පවා අවසර හිමි නොවි තිබු බවට වාර්තා වුණා.
තවද අහමඩ් වැනි පුද්ගලයන් පුද්ගලික තර්ජනවලට සහ බිය ගැන්වීම්වලට මුහුණ දීම නිසා තම රැවුල කැපීමට සහ ප්‍රසිද්ධියේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වැළකී සිටීමට පවා තීරණය කිරිම තුළින් ජාතියක් ග්‍රහණය කරගත් භීතියේ සහ සැකය පැතිරුණු වාතාවරණය පෙන්වා දෙන්න පුලුවන්. ගමන් මල්ලක් රැගෙන යාමේ සරල ක්‍රියාව පවා ඔවුන්ට භීතිය ගෙන දෙන්නක් වි තිබුණා.ප්‍රහාරයෙන් පසු අවදානම් සහ ව්‍යාකූලත්වය පිළිබඳ සාමූහික හැඟීමක් පිළිබිඹු කරමින් මාස ගනනාවක් එවැනි පුරුදු වලින් වැළකී සිටින්න ඔවුන් කටයුතු කර තිබෙනවා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශාරීරික හානියක් පමණක් නොව බෙදීම් සහ අවිශ්වාසයේ බීජ ද වැපිරූ අතර, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික භූ දර්ශනය දිගටම හැඩගස්වන කැළැල් ඇති කරනු ලැබුවා. ශ්‍රී ලංකාවට මෙම විනාශකාරී සිදුවීමෙන් ඇති වූ තුවාල සුවකර එක්සත් ජාතියක් ලෙස ශක්තිමත්ව නැගී සිටිය හැක්කේ අවබෝධය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමේ සාමූහික ප්‍රයත්නයන් තුළින් පමණි.